Category: Learn Crypto
- 1
- 2
ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි අපි Long term hold කරන cryptocurrency දාන්න ඕනි wallet එක හොයාගන්නේ කොහොමද කියන එක. මොකද එකට හේතුව හැම wallet එකේම හැම coin එකක්ම support කරන්නේ නැති එක. ඉතින් ඔයා hold කරන cryptocurrency support කරන wallet එක මොකක්ද කියල හොයාගන්න ලේසිම විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න
ඔයාලා Binance එකේ Trade කරනවා නම් Coins තියාගෙන ඉන්නවා නම් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕන දෙයක් තමයි Coins ගැන හැමවිටම සැලකිල්ලෙන් ඉන්න. Coins වල Binance ලා බලාපොරොත්තු වෙන Requirement එක High Standard එකක තිබුණේ නැතිනම් එයාලා Coin එක දැනුවත් කිරීමක් කරලා Delist කරනවා. ඒ කියන්නේ Binance එකෙහි තවදුරටත් Trade කිරීම සඳහා Coin එක ඉවත් කරනවා. ඒ කියන්නේ Trade කරන්න දෙන්නේ නැතුව Binance එකෙන් තවදුරටත් ඒක භාවිතා කරන්නේ නැතුව ඉවත් කරනවා.
ඒක ගැන Binance Announcements හරහා දැනුවත් කරනවා. ඒ විතරක්ම නෙවෙයි අලුතෙන් Coin එකක් List කරනවා නම් ඒකත් දැනුම් දෙන්නේ මේ Binance Announcements හරහා.
ඔයාල ට Binance Announcements , Binance එකේ Dashboard එකෙන් බලන්න පුලුවන් වගේම පහසුවෙන්ම බලාගන්න පුලුවන් ක්රමයක් තමයි මෙන්න මේ එයාලගේ Binance Official Channel එක. ඔයාලා මේ Channel එක ට සම්බන්ධ වෙන්න මේ Link එක Click කරන්න.
https://t.me/binance_announcements
ඔයාලා Trade කරනවා නම් හරි Binance එකේ Coin Hold කරනවා නම් හරී අනිවාරෙන් මේ Binance Announcements වල යන හැම Announcement එකක් ම දවස ගානේ කියවන්න.
ඒ අතර තුර ඔයාලා දැක්කොත් උදාහරණයක් විදිය ට හිතන්න ,
ඔයාලා ABC Coin එක Trade කරනවා කියලා. හිතන්න ABC Coin එක Binance එකෙන් ඉවත්කරනවා නම් එයාලා දැනුම් දීමක් කරනවා ඊට දින කීපයකට පෙර මෙන්න මේ Coin එක Binance එකෙන් ඉවත්කරනවා කියලා.
එතකොට ඔයාල ට ඒ කාලය අතරතුර වෙන Exchange House එකක ට ඒක Withdraw කර ගන්න හෝ එහෙම නැත්නම් වෙන Coin එකක ට Convert කර ගන්න පුලුවන්.
එහෙම කර ගන්න බැරි වුණොත් එහෙම ඒත් එයාලා පොඩි Time එකක් දෙනවා ඒක ඔයා ට Withdraw කර ගන්න. එහෙම නැත්නම් එයාල විසින්ම ඒක Stable Coin එකක ට Convert කරනවා.
නමුත් හරිම විදිය තමයි ඔයාලා ඒ Announcement එක බලලා ඒ Coins ටික Convert කර ගන්න එක. මොකද එයාලා කලින් දැනුම් දීමක් කරලාත් ඔයාලා ඒක Convert කරලා තිබුණේ නැතිනම් එහෙම පසුව Convert වෙද්දී ඔයාල ට පාඩු සිද්ධ වෙන්න පුලුවන්.
Binance එකේ Coins පාවිච්චි කරනවා නම් Binance Announcements ගැන අනිවාරෙන් දවස ගානේ සැලකිලිමත් වෙන්න. ඔයාලා භාවිතා කරන Coins ගැන මොනවා හරි විශේෂ Announcement එකක් දෙනවා ද කියන එක සම්බන්ධව.
Coin Delist කිරීම සම්බන්ධව විතරක් නෙවෙයි. Binance එකේ Maintance යද්දී සහ Coins වල Blockchin එකේ Update සිද්ධ වෙද්දී ඒ හැම දෙයක් ගැනම Announcement එකක් දෙනවා. User කෙනෙක් විදියට ඔයා කරන්න ඕන මොනවාද සහ දැනුවත් වෙන්න ඕන මොනවද සම්බන්ධව සියල්ල මේ හරහා දැනුවත් කරනවා.
ඔයාල ට හැම දෙයක්ම වැදගත් නොවෙන්න පුලුවන් වුණත් ඒ සම්බන්ධව දිනපතා Update එකේ ඉන්න.
Elliott Wave theory – Full course | Sinhala | ZIGMAVERSE